Sunday, May 17, 2015

විල්පත්තු සංහාරය හා සමාජජාල විරෝදය
ව්ල්පත්තු වන සංහාරයට එරෙහිව අප බොහෝ දෙනා බොහෝ දෑ කතා කලේ මෙම පාරිසරික අපරාධයට එරෙහිව පරිසරයට හිතැති මිනිසුන් ගේ මැදිහත් විමක් අවශ්‍ය බැවි්ය
. එමෙන්ම මෙම ගැටලුව ජාතිවාදි කල්ලි විසින් පටු අවශ්‍යතා වෙනු වෙන් බාවිතා කිරිමට පෙර අරගලය ජාති ආගම් හෝ පක්ෂ පදනමකින් තොරව සැබැ පරිසර හිතවාදි පදනමක දියත් විම අත්‍යාවශ්‍ය කරුනක් විය.
ඒ වන විට විරෝදතාවක් සදහා මහා පෙල ගැසිමක් බුකිය පුරා පැතිරෙනු දැක අප වෙන වෙනම සටන් කරනවා වෙනුවට තරමක් දුරට හෝ සංවිදානය වි ඇතැයි සිතු එම රැලියට එක්විමට බලාසිටි නමුදු අන පේක්ෂිත ලෙස ජනපති තුමාගේ වාචික පොරොන්දුවකට ( අදහස් දැක්විමකට) කල ගුන සලකා රැලිය තල් දැමිනි.ඉන් පසු පක්ෂ දේශපාලනයට සම්බන්ද සංඝයා වහන්සේ ඇතුලු පිරිසක් එහි ගොස් පැල සිටුවනු දුටුවෙමු දැන් විල්පත්තුව සංදර්ශන බුමියක් වි හමාරය..
ඇතමුන් සත්‍යග්‍රහ කරයි තවකෙක් පැළ සිටවයි එහෙත් විනාසයට එරෙහි නිතිමය පියවරක් ගෙන වගකිව යුත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වි නැත.
මෙම සිදුවිම අපට කියාදුන් වැදගත් පනිවුඩය, වන්නේ සමාජ ජාල ඔස්සේ එකරැයෙන් සංවිදානය වන ජනඅරගල යේ නව මාදිලිය පුලුල් දැක්මක් හෝ පදනමක් පැහැදිලි නැති විසල් සංවිදාන ජවයක් පැවතුනද අර්තවිරහිත ලෙස අවසන් වන බවය...අරාබි වසන්තය තුල නිවැරදා දේශපාලනික මග පෙන්විමකින් තොරව සිදුවු fb ජන පෙලගැස්විම් පාලකියින් වෙන්ස් කලද රට අරාජික කොට බාහිර සතුරන්ට විවර සකසා නිමා විය එමෙන් වෝල් සට්‍රිටි නැගිටිම් දැලවි පලක් නැතිවම නිවි ගියේය.....
න්‍යයකින් තොර සටන අන්ද සටනක් බවත් අප අසා ඇතමෙු මේ අප අත්විදින්නේ එවැන්නකි.....අවාසනාව වන්නේ අරගලයට නායකත්වය දිය යුතු පාර්ශව සටන් බිමේ නොමැති විමයි